ශාන්ත චන්ද්‍රසිරි
වතු කේෂ්ත්‍ර නිලධාරීවරයකු පරුෂ වචන කියමින් වැඩ කටයුතුවලට උපදෙස් ලබාදීමට විරෝධය පා ආගරපතන, හෝමුඩ් වතුයායේ කම්කරු කාන්තාවන් පිරිසක් අද (4) උද්ඝෝෂණයක නිරත වුහ.
තේ දළු නෙලීමේදී තමන් සිදු කරනු ලබන වැඩ කටයුතු සම්බන්ධයෙන් හා උපදෙසක් ලබා ගැනීමට යෑමේදී මෙම කේෂ්ත්‍ර නිලධාරීවරයා නොයෙක් අවස්ථා වලදී මෙලෙස විවිධ අයුරින් හිංසාවට ලක් කරනු ඇතැයි කාන්තාවෝ පවසති.
නිසි පරිදි වත්ත නඩත්තු නොකිරීම නිසා වල් බිහිවි ඇති බවත් ඒවාට සුදුසු පිළියම් යොදන ලෙසත් අනවශ්‍ය අයුරින් කටයුතු කරනු ලබන කේෂ්ත්‍ර නිලධාරීවරයා මාරු කර යවන ලෙසත් ඉල්ලමින් වතු කම්කරු කාන්තාවන් විශාල පිරිසක් මෙසේ උද්ඝෝෂණයේ නියළී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd