රංජිත් රාජපක්ෂ

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 15 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත (09) දින ඇතුලත් කර ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ මාර ගසක බැද තිබු බඹර කුඩුවලින් එක් කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා බඹර කුඩුව බිමට කඩා වැටිමෙන් පසු බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවය.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, මේ දිනවල තේ වතු ආශ්‍රිත මාර ගස් වල සහ තේ පදුරු මත විශාල වහයෙන් බඹරුන් කුඩු බැදි ඇති බවය.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම හමුවේ පනවා ඇති ඇදිරි නිතිය හේතුවෙන් තේ වතු ආශ්‍රිතව දෛනික තේ දළු නෙලිමේ කටයුතු සිදු කරන බව වතු අධිකාරිවරු කියා සිටියහ.