IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වතුර නෑ: රජරට සරසවි පීඨ 4 ක් යළි ඇරීම තවත් කල්යයි

(අතුල බණ්ඩාර සහ අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

දැනට වසා දමා තිබෙන රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පීඨ හතර යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවී ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට මේ වන විට බලපා තිබෙන දැඩි නියං තත්ත්වය නිසා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයට ජලය සැපයීමේ අසීරුතාවයක් උද්ගත වී තිබෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් දැනුම් දී තිබෙන බැවින් විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය මගින් මෙම තීරණය ගත් බව උපකුලපතිවරයා කීය.

ඒ අනුව මිහින්තලේ පරිශ්‍රයේ පවත්වාගෙන යන සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, කළමනාකරණ අධ්‍යයන පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය සහ තාක්ෂණ විද්‍යා පීඨය යන පීඨ හතර නැවත විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා කියා සිටියේ මෙම පීඨ හතරෙහි සිසු සිසුවියන් හාර දහසක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන බවයි. ඔවුන් සියලු දෙනාම මිහින්තලේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි නේවාසිකාගාරවල නවාතැන් ගෙන සිටින නිසා මේ අවස්ථාවේ එතරම් පිරිසකගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට තරම් ප්‍රමාණවත් අයුරින් ජලය සැපයීමට අසීරු බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර චමින්ද ලොකුබරණ මහතා තමාට දැනුම් දුන් බව කී උපකුලපතිවරයා ඒ අනුව මෙම තීරණය ගත් බව පැවැසීය.

රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ නේවාසිකාගාරවල සිසු සිසුවියන් අතර පැපොල රෝගය හා වෛරස් උණ රෝගයක් පැතිර යාම නිසා පසුගිය 08 වැනිදා හදිසියේම මිහින්තලේ පරිශ්‍රයේ පවත්වාගෙන යන පීඨ හතර වසා දැමීමට මෙම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කරනු ලැබීය.

වසා දැමුණු එම පීඨ හතර පෙරේදා (27) යළි විවෘත කිරීමට නියමිතව තිබුණි. නමුත් ඒ අතරතුර මෙම ජල ගැටලුව පැන නැගුණු නිසා එම පීඨ හතර විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවූ බව උපකුලපතිවරයා පැවැසීය.



අදහස් (1)

වතුර නෑ: රජරට සරසවි පීඨ 4 ක් යළි ඇරීම තවත් කල්යයි

දිමුත් Wednesday, 29 August 2018 06:48 AM

විශ්වවිද්‍යාලයක් හදන කොට හරියට සැලසුම් කරපු නැති ප්‍රශ්න තමයි මේ පේන්න තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site