
(එම් .සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකාවට තහනම් ධීවර පන්න ක්‍රමයක්වූ හැඹිලි දැල් තහනම් නීතිය වහාම යළිත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගාලු පාරේ බලපිටිය වතුරේගමදී අද (17 ) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
බලපිටිය ,අහුන්ගල්ල හා කොස්ගොඩ මාදැල් ධීවරයින් හා ඔවුනගේ පවුල්වල අය මේ උද්ඝෝෂණයට සහභාගිවී සිටියහ.
දමා ඇති හැඹිලි දැල් තහනමද නොතකා ඇතැම් පිරිස් දැන් ජයටම එම කර්මාන්තයේ යෙදෙන බව මේ උද්ඝෝෂනයට සහභාගීවූ මාදැල් ධීවරයෝ පැවසූහ.
මේ නිසා සිය කර්මාන්තයට එයින් දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවද ඔවුහු පැවසූහ.
හැඹිලි දැල් තහනම වහාම ක්‍රියාත්මක නොකළහොත් මීටත් වඩා දරුණු ක්‍රියා මාර්ග ගැනීමට තමන්ට සිදුවෙන බවද උද්ඝෝෂකයෝ පැවසූහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.