IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න අයඳුම්පත් කැඳවයි

(රංජන් කස්තුරි)

වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ලංකා වතුකම්කරු අධ්‍යපන භාරය මගින් අයඳුම්පත් කැඳවා තිබේ.

අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ උපාධි අපේක්ෂා පාඨමාලා සහ කාර්මික හා වෙනත් උසස් අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය සඳහා වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ විෂයන් හයක් සමත් සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වයස අවුරුදු 25ට අඩු සිසුන්ට එම ශීෂ්‍යත්ව සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

සම්පූර්ණකරන ලද අයදුම්පත් සමඟ උප්පැන්න සහතික,සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛණ,උසස් පෙළ ප්‍රතිඵල ලේඛණය දෙමාපියන් වැටුප් විස්තර , දෙමාපියන්ගේ රැකියාව පිළිබඳව වතුඅධිකාරීවරුන්ගෙන් ලබා ගත් සහතික වල ඡායාපිටපත්ද ඉදිරිපත් කළ යුතුය.

එම අයඳුම්පත් කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවිය වෙත www.hcicolombo.org යන වෙබ් අඩවිය ඔස්සේ කොළඹ ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.

අයඳුම්පත් නොවැම්බර් මස 9 වැනිදිනට පෙර ලංකා වතුකම්කරු අධ්‍යාපන භාරය , ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය , තැපැල් පෙට්ටිය 882,කොළඹ යන ලිපිනයට එවිය යුතුය.



අදහස් (0)

වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න අයඳුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site