(ජේ.කේ.එල්. චාමින්ද)
රජයේ පාලන මිලට වඩා වැඩිමිලට කහ කුඩු අලෙවිකළ වෙළඳුන් දෙදෙනෙකුට හා සහල් අලෙවිකළ වෙළඳුන් 04 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් විසින් ගාල්ල නගරයේ සිදු කළ වෙළදසැල් පරීක්ෂාවක දී කහ කුඩු හා සහල් වැඩිමිලට අලෙවිකළ මෙම වෙළඳුන් කොටු කරගැනීමට හැකිවී තිබේ.
කහකුඩු කිලෝවක රජයේ පාලන මිල රුපියල් 750ක් වුවද මෙකි වෙළඳුන් දෙදෙනා කහ කුඩු කිලෝවක් රුපියල් 1800 ක මුදලකට අලෙවිකර තිබූ බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
කහකඩු සඟවාගෙන අලෙවි කරන බවටද තොරතුරු ලැබී ඇති අතර එවැනි වෙළඳුන්ද නීතියේ රැහැනට කොටුකර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
කහ හිඟයක් ඇති අවස්ථාවක මෙකි වෙළඳුන් ග්‍රෑම් 50 බැගින් වැඩිමිලට නිකුත්කර විශාල ලාභයක් ලබන බවද ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩිමිලට කහ - සහල් විකිණූ වෙළෙන්ඳන් 6 දෙනෙකුට නඩු
Jayasekara Thursday, 21 May 2020 05:38 AM
වැඩි මිලට හරි කහ ගන්න කොහෙද තියෙන්නේ? කහ ආනයනය කරන එක නවත්තලා නිසා මේ වන විට වෙළෙඳපලේ කහ ගන්න නෑ.අනික් එක පාලන නිසා බොහෝ කඩ වලට මේ වන විට කහ ගන්නේ නෑ.පාලන මිල දාන එක නෙවේ කරන්න ඕනේ. කහ කොහෙන් හරි ආනයනය කරලා වෙළෙඳපලට දාන එක. එතකොට නිකන්ම ගාණ අඩුවෙනවා.