IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වගාවන්ගෙන් සියයට හැටක් නාස්ති වෙයි


 
 
විනීතා එම් ගමගේ
 
මෙරට වගා කෙරෙන බෝගයන් හි පසු අස්වනු හානියෙන් වාර්ෂිකව රටට රුපියල් මිලියන 18,000 කට අධික මුදලක් අහිමි වන බව මෑතක දී චීන විශේෂඥයින් පිරිසක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත.


සතුන්ගෙන් සිදුවන හානි, අස්වනු නෙළා ගැනීම් දී සිදුවන හානි මෙන්ම මිලක් නොමැතිකම නිසා ඇතැම් විට වගාවන් අතහැර දැමීම වැනි කරුණුත් මෙම පසු අස්වනු හානි ලෙස සළකනු ලැබ ඇත.


ශ්‍රී ලංකාවේ වගා කරන බෝගවලින් සියයට 30ක් වාර්ෂිකව වන සතුන් විසින් විනාශ කරනු ලබන අතර රිළවා, වඳුරා, අලි ඇතුන් මෙන්ම වල් ඌරන්, ඉත්තෑවන්, මොනරුන් වැනි සතුන් ද වන බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.
තවත් සියයට තිහක් පමණ නියඟය හා පසු අස්වනු නාස්තිය නිසා වාර්ෂිකව විනාශ වන අතර භාවිතයට ගත හැකි වන්නේ සමස්ත වගාවෙන් සියයට 40 ක පමණ ප‍්‍රමාණය පමණකැයි ද අමාත්‍යංශය පෙන්වා දෙයි. 


කෙසේ වෙතත් පසු අස්වනු නාස්තිය වළක්වා ගැනීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග ලෙස නවීන තාක්ෂණය යොදා ගැනීම හා අස්වනු නෙලා ගැනීමේ දී භාවිතා කළ යුතු දියුණු  ක‍්‍රම හා ඒ පිළිබඳ ප‍්‍රමාණවත් දැනුමක් ගොවීන්ට ලබා දීමට ද පර්යේෂක කණ්ඩායම නිර්දේශ කර ඇත. 


මෙම පර්යේෂක කණ්ඩායමේ පර්යේෂණ වාර්තාව හා පසු අස්වනු නාස්තිය වළක්වා ගැනීමේ දී ගත යුතු කි‍්‍රයා මාර්ග පිළිබඳ නිර්දේශ ද මෙම පර්යේෂකයින් විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භා දෙනු ලැබ ඇත. 
 



අදහස් (0)

වගාවන්ගෙන් සියයට හැටක් නාස්ති වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site