(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමලුව ප්‍රදේශයේදී අද (11) අළුයම සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය කියයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ ප්ලාස්ටික් බට ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ගැටීමෙන් බවත් එහි දී මියගොස් ඇත්තේ බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ රිය සහායකයා බව පොලීසිය සඳහන් කළේය.
බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය ප්‍රධාන මාර්ගය අසල නවතා තිබූ ප්ලාස්ටික් බට ප්‍රවාහනය කරන ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අළුයම 5.00 ට පමණ සිදුවූ මෙම රිය අනතුරෙන් බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ රිය සහායකයා එළියට ගැනීම සඳහා පැය 2කට පමණ අධික කාලයක් ප්‍රදේශවාසීන් විසින් දැඩි වෙහෙසක් දැරූ බව පොලිසිය කියයි.
එම ස්ථානයේ ලොරි රථයේ රියදුරු ගේ සිරුර සිර වී තිබුණු බවත් කිහිපදෙනෙකු ඔහු එළියට ගැනීම සඳහා උත්සාහ කළ ද තවත් පිරිසක් සිය ජංගම දුරකථන වලින් මෙම සිරුර වීඩියෝ ගත කරමින් සිටීම විශේෂත්වයකි.
ඉනාමලුව ඉසිපතනාරාමයේ විහාරාධිපති නින්ද පැල්ලේ උධිත ස්වාමීන් වහන්සේ සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට කඩිනමින් පැමිණ තුවාලකරුවන් බේරා ගැනීම සඳහා දැඩි උත්සහයක නිරත වූ බව ප්‍රදේශවාසීහු පවසති.
උදිත හිමියන් සිය පන්සලේ තිබූ වෑන් රථය මගින් ලොරි රථ සහයකගේ සිරුර රෙදි කැබැල්ලක ඔතා දඹුල්ල රෝහලට රැගෙන යෑමට පියවර ගත්හ.
නවතා තිබූ ලොරි රථයේ රියදුරු කියා සිටියේ තමන් බිරිඳ දරුවන් සහ මව සමඟ පොලොන්නරුව ප්‍රදේශයට මෙම ලොරි රථයෙන් ගමන් කරමින් සිටියදී රාත්‍රී කාලයේ පන්සල ආසන්නයේ නවතා නිදාගත් බවය. පසුව ගමනට සූදානම් වී තමන් රියදුරු අසුනට නගිනවාත් සමග එකවරම පිටුපසින් ආ ලොරි රථය තම රථයේ ගැටුණු බවය .




2025 නොවැම්බර් මස 04
317
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2133
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොරි රථ අනතුරින් රිය සහායක මරුට
rama Saturday, 11 May 2019 06:44 AM
ඉනාමලුව ඉසිපතනාරාමයේ විහාරාධිපති නින්ද පැල්ලේ උදිත ස්වාමීන් වහන්සේ සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට කඩිනමින් පැමිණ තුවාලකරුවන් බේරා ගැනීම සඳහා දැඩි උත්සහයක නිරත වූ බව ප්‍රදේශවාසීහු පවසති. උදිත හිමියන් සිය පන්සලේ තිබූ වෑන් රථයෙන් ලොරි රථ සහයකගේ සිරුර දඹුල්ල රෝහලට රැගෙන යෑමට පියවර ගත්හ. අන්න නියම හාමුදුරුවරු ගිලනුන්ට උපස්ථාන කිරීම