
(අශෝක තිලකරත්න)
බෙලිඅත්ත කිරින්ද ප්‍රධාන මාර්ගයේ මහහීල්ලේ දී අද (03) දහවල් නතරකර තිබූ කුඩා ලොරි රථයක දොර එහි රියදුරු විසින් විවෘත කරන විට එම දොරේ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මහහීල්ල සමගි මාවතේ පදිංචි කේ.ජී. රම්‍ය කුමාර නම් 44 හැවිරිදි අයෙකි .
අනතුරට අදාල ලොරි රථයේ රියදුරු බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
බෙලිඅත්ත පොලිසිය මෙම මාරක අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
මේ වැඩේ බොහොමයක් රියදුරෝ කරනවා. ටේල් ලයිට් නැති වාහන පාරේ යනවා .පොලිසිය කිසිම දෙයක් කරන්නේ නැහැ .අනතුරක් උනාට පස්සේ මොනවා කලත් වැඩක් නැහැ.