(කේ. බුද්ධික කුමාරසිරි )
හයිලෙවල් මාර්ගයේ ගොඩගම ජයසිංහ මාවත අසලදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වු අනතුරින් තී‍්‍ර රෝද රථයෙහි ගමන් ගත් තරුණයින් සිව් දෙනෙකු තුවාල ලබා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් තරුණයෙකු මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ මීගොඩ හෙට්ටියාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ (10) රාත්‍රි 11 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරට ලක් වූ තී‍්‍ර රෝද රථය මීගොඩ සිට ගොඩගම දෙසටත් ලොරි රථය ගොඩගම සිට අවිස්සාවේල්ල දෙසටත් ධාවනය වෙමින් තිබියදී මෙම අනතුරට ලක්ව තිබේ.
ලොරි රථයේ අනතුරින් පසු අනතුර සිදු වූ ස්ථානයේ සිට මීටර් 50 ක් පමණ දුරින් නවතා තිබීම නිසා ප‍්‍රදේශවාසීන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක්ද ඇති උවද පසුව ඒ පිළිබදව ජනතාවට වටහා දීමෙන් පසු තත්ත්වය පාලනය කළ බවද පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ අනෙක් තරුණයින් තිදෙනා හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර ලොරි රථයේ රියදුරු මීපේ පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවටගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
265
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොරියක් සහ ත්‍රිරෝද රියක් ගැටී තරුණයෙක් මරුට