IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලන්ඩන් නුවරත් මල් පොහොට්ටුවක් පිපෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි පළමු විදෙස් ශාඛාව පසුගිය 27 වැනි දා ලන්ඩන් නුවරදී ආරම්භ කෙරුණි.   

මේ පිළිබඳව නිකුත් කර ඇති නිවේදනයෙහි දැක්වෙන්නේ " බ්‍රිතාන්‍යයේ පදිංචි රටට හිතැති මව්බිම වෙනුවෙන් ඉදිරියට බලාපොරොත්තු වූ පිරිසකගේ සහභාගීත්වයෙන්" මෙම ශාඛාව ආරම්භ කරන ලද බවයි.

"නව බලාපොරොත්තුවක් තබමින් ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සාමකාමී සහජීවනාත්මක මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් සංවර්ධනාත්මක රටක් දැකීම උදෙසා බ්‍රිතාන්‍යයේ පදිංචි දැයට හිතැති එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින් හට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි ලන්ඩන් ශාඛාවේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති " බවද එහි දැක්වෙයි.

ලන්ඩන් ශාඛාවේ අනුශාසක ලෙස චන්දන සෙනෙවිරත්න පත්කෙරුණු අතර ප්‍රධාන සංවිධායක සහ සම්බන්ධීකාරක ලෙස අනුර මදගෙදරත් සභාපති ලෙස නීතීඥ රානි බුලත්වෙලත්, උප සභාපතිවරු ලෙස තුෂාර රණසිංහත්, ලහිරු අතුරලියද්ද සහ ශ්‍රී ලාල් සොයිසාත් පත් කර ඇත.

නව පක්ෂ ශාඛාවේ ලේකම් වන්නේ නීතීඥ ජෙයරාජ් පලිහවඩනයි. උපලේකම්වරු වශයෙන් චානක දිසානායක සමඟ ප්‍රදීප් සිල්වා පත්වුහ. මාධ්‍ය ලේකම් වන්නේ ඉන්ද්‍රජිත් ගමගේය. ඔහුගේ සහයට උප මාධ්‍ය ලේකම් වශයෙන් චතුර අවන්ත පත්කෙරුණි.

භාණ්ඩාගාරික වශයෙන් මිමී ඒකනායක පත්වූ අතර ජේෂ්ඨ කාරක සභිකයින් ලෙස සුජිත් ගමගේ, සුරංගි එදිරිසිංහ, කාන්ති හේමචන්ද්‍ර, අසංක හේමචන්ද්‍ර, ඩබ්ලිව්. හේමචන්ද්‍ර, සාලිය සල්ගාදු, ප්‍රසාද් රූපසිංහ, ඉන්දික ගුණසේකර, යයිසුරු පෙරේරා, මාලනී රණසිංහ සහ උපුල් ලියනගේ තේරී පත්වුහ.

එදින රැස්වූ සියලුම දෙනා එතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවට සම්බන්ධව කටයුතු කළ සහ එහි තනතුරු දැරු අයවීම විශේෂත්වයකි.

3[1]_65 4[1] 1[2]_35  2[1]_345



අදහස් (0)

ලන්ඩන් නුවරත් මල් පොහොට්ටුවක් පිපෙයි

ජනක Wednesday, 30 November 2016 09:50 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම සම්බන්ධතාවයක් නොතිබුන කිහිපදෙනෙක් ලන්ඩන් නුවරට පැමිණි හිටපු ඇමතිවරයෙක් හා ජනාධිපති සමඟ මිත්‍රත්වයක් ගොඩ නඟාගෙන ඔවුන්ටත් ඔවුන්ගේ පවුලේ අයටත් ලබාගත් තානාපති තනතුරු, රජයේ උසස් තනතුරු ඇතුළු වරදාන වරප්‍රසාද නව රජය පත්වූ පසු නැතිවීම නිසා ඇතිවූ ශෝකය දරාගන්න බැරුව වෙන්න ඇති මේ අලුත් ශාඛාවක් පටන්ගන්න ඇත්තේ. මෙතන ඉන්න සමහරු 2015 ජනවාරි 9 වෙනිදා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මහපාරේ කඳුලු සලමින් සිටි බව දැක්ක අයත් ඉන්නවා කියලයි අපට නම් ආරංචි වුණේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site