"බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකේය කලා සංසදය" නමින් නවතම කලා සංගමයක් ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික කලාකරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති බව එහි කැඳවුම්කරු වන චන්දන ගුණසේකර නිවේදනය කර ඇත.
ලන්ඩන් බෞද්ධ විහාරවාසී සුප්‍රකට ධර්මදේශක හිමිනමක් මෙන්ම කවියකු, ගත කතුවරයකු මෙන්ම ගේය පද රචකයකු ලෙස නමක් දරා ඉන්නා කෝන්වැවේ අරියරතන හිමියන්, අනෝමා වත්තලදෙණිය, ලිලානි පෙරේරා, සංජීව පෙරේරා , නුවන් ජයතිලක, මායා නවගත්තේගම, අජන්තා වීරසේකර, විජේරත්න බණ්ඩාර, කුමාරි විජේරත්න සහ අශෝකා ස්වර්ණකාන්ති යන පිරිස සහභාගි වූ මුලික රැස්වීමේදී නව සංගමයේ පරමාර්ථ සහ අනාගත වැඩ කටයුතු සාකච්ඡාවට භාජනය කර ඇති අතර නව නිලධාරී මණ්ඩලයක්ද පත්කර ගෙන ඇත.
අරියරතන හිමියන් මෙම උත්සාහයේ අරමුණ පහදා දෙමින් ලන්ඩනයේ වියැකෙමින් යන ශ්‍රී ලාංකේය කලාව හා එය විඳීමේ පුරුද්ද නඟා සිටුවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගත් පිළිබඳව විස්තර පළ කළහ.
ලාංකීය සිනමාව සම්බන්ධයෙන් එංගලන්තයේ ඇති පිළිගැනීම හා අපේ උදවියගේම වරදින් අපට නොලැබී යන අපට ලබා ගත හැකි වරප්‍රසාද ගැන සිනමාවේදී නුවන් ජයතිලක දීර්ඝ විස්තරයක් කරමින් තම අදහස් පළ කළේය. එමෙන්ම අනෝමා වත්තලදෙණිය ද සිනමා උළෙලවල් සහ පොත් සහ චිත්‍ර ප්‍රදර්ශන ආදිය පැවැත්වීම වැනි කටයුතු තුළින් එංගලන්තයේ පදිංචි ලාංකීය රසික ප්‍රජාව තුළ කලාව පිළිබඳ ප්‍රබෝධයක් ඇරඹීම වැදගත් බව පැවසුවාය.
සංජීව හා ලිලානි පෙරේරා යුවළ එංගලන්තයේ වෙසෙන ලාංකීය දරුවන් තුළ තම මව්බස ප්‍රගුණ කිරීම පිළිබඳව තම අදහස් පළ කළහ.
2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලන්ඩනයේ නව ශ්‍රී ලංකා කලා සංගමයක්