(නාලක සංජීව දහනායක)
ලොකු ලුනූ ආනයනය කිරීම සඳහා ඉදිරියේදී කෝටා ක‍්‍රමයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශූ සම්පත් සංවර්ධන, වාරිමාර්ග, සහ ධීවර හා ජලඡ සම්පත් ඇමති පී.හැරිසන් මහතා අද (29) අනුරාධපුරයේ දී පැවැසීය.
එමෙන්ම ආනයනය කරනු ලබන ලොකු ලූනූ ප‍්‍රමාණය ගණනය කිරීම සඳහා ක‍්‍රමවේදයක් සකසන බව කී අමාත්‍යවරයා ආනයනික ලොකු ලූනූ සමාගම්වල තොග අතිරික්ත මාර්තු මස සිට මැයි දක්වා නිදහස් නොකිරීමට කොන්දේසි පනවන බවද කීය.
මෙරට ලොකු ලූනූ අස්වැන්න නෙළන සමය වනවිට පිටරටින් ලූනූ ආනයනය කිරීමෙන් ගොවීන් ලූනූ වගාකිරීමෙන් ඉවත්වන බව කී අමාත්‍යවරයා දේශීය ගොවියා ආරක්‍ෂාකර ගැනීමේ අරමුණින් තමන් මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා පැවැසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.