IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ලංකා තානාපති ලෙබනන් කම්කරු ඇමති හමුවෙයි

(තිළිණි ද සිල්වා)

ලෙබනනයේ රැකියා වල නියුතු ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එරට ශ්‍රී ලංකා තානාපතිනී ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය ඉකුත් 09 වන දින ලෙබනන් කම්කරු අමත්‍ය කැමිල් අබුස්ලෙයිමාන් මහතා හමුවිය.

බීරෑට් නුවර පිහිටි කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී ලෙබනනයේ සේවයේ නියුතු ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ දායකත්වය පිළිබඳව සිය අගය ප්‍රකාශ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා තානාපතිනිය උණුසුම් ලෙස පිළිගත්තේය.

සංක්‍රමණික ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් දැනට ලෙබනනයේ පවතින කොන්දේසි සිහිපත් කළ ඔහු සංක්‍රමණික ගෘහ සේවිකාවන් සඳහා දැනට පවතින සම්මත ඒකාබද්ධ කම්කරු කොන්ත්‍රාත්තුවට යෝජනා කර ඇති සංශෝධන පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරමින් සිටින බව පැවසීය.

මේ සම්බන්ධයෙන් ඇගයීම් කමිටුවේ නිර්දේශ සාමාන්‍ය  ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් (ආගමන දෙපාර්තමේන්තුව) සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අමාත්‍ය  අබුස්ලෙයිමන් සඳහන් කළේ කෆලා ක්‍රමය වෙනස් කිරීම සඳහා තමා දැඩි ස්ථාවරයක් ගන්නා බවත් ශ්‍රමිකයින් යවන රටවල් සමඟ ඇති ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට වඩා සම්මත රාමුවක් ස්ථාපිත කිරීමට කැමැත්තක් දක්වන බවද කියා සිටිය.

තානාපති කරුණාරත්න මහත්මිය මෙහිදී  ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාව ලෙබනනයට වැඩිපුරම ශ්‍රමය යවන රටද වන බව එහිදී ඇය අවධාරණය කළාය.

ඊට පිළිතුරු දුන් ලෙබනන් කම්කරු අමාත්‍යවරයා කියා සිටියේ සංක්‍රමණික සේවකයින්ට සිදුවන හිරිහැරයන් අවම කිරීම සම්බන්ධයෙන් තම කාර්යාලය කටයුතු කරන බවය.

ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් ඉක්බිතිවල විශේෂයෙන් සංචාරක කර්මාන්තය ගැනද අමාත්‍යවරයා සමඟ කතා කළ අතර තානාපතිවරයා ශ්‍රී ලංකාව යුද්ධයෙන් පසු ලබා ඇති  ප්‍රගතිය ගැනද ලෙබනන් අමාත්‍යවරයාව දැනුවත් කළේය.



අදහස් (0)

ලංකා තානාපති ලෙබනන් කම්කරු ඇමති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 180 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site