(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු කඩවත-ගෝනහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු සමත්වූහ.


මත්කුඩු ග්‍රෑම් 33 ක් සහ මිලිග්‍රෑම් 730ක ප්‍රමාණයක් එලෙස ප්‍රවාහනය කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් මාකොළ, නාගොඩ හා මට්ටක්කුලිය පදිංචිකරුවන්ය. අද දින මහර අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කිරීමට නියමිතය.