IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලක්ෂ 5ක ගොඩනැගිලි උපකරණ සොරාගත් දෙදෙනෙකු දැලේ

(ඔගස්ටින් ප්‍රනාන්දු)

ආණමඩුව පල්ලම ආයුර්වේද රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගෙනැවිත් තිබු ගොඩනැගිලි ද්‍රව්‍ය සොරාගත්  පුද්ගලයන් දෙදෙනෙකු අද  ( 27 )  ගිරිබාව වරාවැව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත හැකි වු බව පල්ලම පොලිසිය කියයි.

ආයුර්වේද රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය 22දා සිට 25 වන දින දක්වා කාලයේ දි එම කටයුතු නවතා තිබුණි. එම කාලයේ දි කිසියම් පිරිසක් රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනාකම ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය සොරා ගෙන ගොස් ඇති බවට කොන්ත්‍රාත්කරු පල්ලම පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.

වාහනයක පටවා ගෙන යකඩ කම්බි, සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් කිසිවකු විසින් සොරා ගෙන ගිය බවට ලද තොරතුරු අනුව,  ගිරිබාව වරාවැව ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.  ඔවුන් විසින් සොරා ගෙන ගොස් විකුණා තිබු ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයෙන් රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා තොගයක්  අද ( 27 )සොයා ගත හැකිවු බවත් කියයි.

මෙම කොල්ලයට සම්බන්ධ තවත් දෙදෙනෙකු  අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සැකකරුවන්  ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (0)

ලක්ෂ 5ක ගොඩනැගිලි උපකරණ සොරාගත් දෙදෙනෙකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site