IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලක්ෂ 35 ක මුදල් වංචා කර සැඟව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

(බිමල්  ශ්‍යාමන් ජයසිංහ)                              

දඹදිව වන්දනාවේ රැගෙන යන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් ලක්ෂ 35 කට අධික මුදලක් වංචා කර  රත්නපුරේට පලා ගොස් සැඟවී සිටී   පුද්ගලයෙක් අද (12) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.            

අත්අඩංගුවට ගත් සැකකරු පුංචි සක්විති නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකු බවද පොලිසිය කියයි.                    

වැලිපැන්න යගිරල කරපාගල ප්‍රදේශයේ පදිංචි වැඩිහිටි පුද්ගලයන් දඹදිව වන්දනා මාන කිරීම සඳහා රැගෙන යන බව පවසා මෙම සැකකරු  විසින්  එක් පුද්ගලයකුගෙන් රුපියල් 85,000 බැගින් අත්තිකාරම් මුදල් ලබාගෙන ප්‍රදේශයේ මඟහැර ගොස් සිටියදී මෙලෙස  අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.                     

සැකකරු සිදුකළ  මුදල් වංචා සම්බන්ධයෙන්  වැලිපැන්න පොලිසිය වෙත ලද පැමිණිලි 35 කට අධික ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇතැයි පොලිසිය කියයි             

සැකකරු ඇල්පිටිය නවදගල ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මෙම කූට ව්‍යාපාරය සිදුකරගෙන ගොස් තිබූ බවත්  මුදල් වංචා කිරීමෙන් පසුව එම කාර්යාලය ද වසා දමා රත්නපුරයට   පලා ගොස් සැඟව සිටි බව පොලිස් නිලධාරියකු පැවැසීය                        

එම වංචාකාරී සිද්ධින්  සම්බන්ධයෙන්  දැඩි අවධානය යොමු කළ වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතා වැඩිහිටි පුද්ගලයකු යොදවා පනහකට ආසන්න වැඩිහිටි පිරිසක්  වන්දනා ගමනක් යාමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස  දුරකථන ඇමතුමක් ඔස්සේ සිදු කරන ලද  ඉල්ලීමට එකඟ වූ සැකකරු  එම පුද්ගලයා  හමු වී වැඩිදුර කතා කතාබස් කිරීම සඳහා වැලිපැන්න නගරයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.                  

සැකකරුට විරුද්ධව මෙයාකාරයෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් නඩු කීපයක් මේ වන විටත් විභාග වෙමින් පවතින බව පොලිසිය කියයි. 60 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ලක්ෂ 35 ක මුදල් වංචා කර සැඟව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site