IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලක්ෂ 35ක පී.වී.සී. බට සොරාගත් අයෙක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

            කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ආයතන රවටා රුපියල් ලක්ෂ 35 අධික වටිනාකමන් යුත් පි.වි.සි බට වංචනික ලෙස ලබාගත් ව්‍යාපාරිකයකු  වවුනියාව, කූමන්කුලම ප‍්‍රදේශයේදී  අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

            ව්‍යාජ ලිපි ලේඛන සකස්කොට කොළඹ ව්‍යාපාරික අයතනයන් කිහිපයකින් වංචනික ලෙස පි.වි.සි බට ලබාගත් පුද්ගලයකු  පිළිබඳ වවුනියාව නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

            පොලිසිය පැවසූයේ සැකකරු විසින් වංචනික ලෙස ලබාගන්නා පි.වි.සි බට විවිධ පුද්ගලයින් වෙත අලෙවි කොට මුදල් ලබාගෙන ඇති බවත්ය.

            සැකකරු හට වවුනියාව ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන පවතින අතර එම ව්‍යාපාරවලට අමතරව මෙලෙස ව්‍යාජ  ලිපිලේඛන සකස්කොට දීර්ඝ කාලයක සිට සැකකරු මෙම වංචාවන් සිදුකොට ඇති බවද පොලිසිය පැවැසීය.



අදහස් (0)

ලක්ෂ 35ක පී.වී.සී. බට සොරාගත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site