(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
හෝමාගම මීගොඩ සිරිමැදුර වත්ත ප්‍රදේශයේ නිවසකදී රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 112ක් සහ මිලිග්‍රෑම් 610ක් ඊයේ (13) පොලිසිය බාරයට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකාර පුද්ගලයා මාස හයක පමණ කාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
සැකකරු 27 වියේ පසුවන පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd