(ඩී.කේ. රත්න සහ පාලිත ආරියවංස)
මහියංගන ප‍්‍රදේශයේ සිට බදුල්ල නගරයට බලපත‍්‍ර නොමැතිව රුපියල් ලක්ෂ ගණනක් වටිනා තේක්ක දැව තොගයක් ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (7) බදුල්ල මහියංගන මාර්ගයේ දුන්හිද මැඩිතලේ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
මහියංගන කුරුවිතැන්න ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් දෙකක පුද්ගලයකු මෙම තේක්ක දැව තොගයත් ලොරි රථයත් සමඟ බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම පුද්ගලයා මහියංගන මාපාකඩ ප‍්‍රදේශයේ තේක්ක වගාවකින් කපා ඉරන ලද මෙම දැව තොගය ඔහුගේ බිරිඳට අයත් ලොරි රථයකින් බදුල්ල නගරයේ ගැණුම්කරුවකුට ලෙවි කිරීම සඳහා රැගෙන එමින් සිටියදී මෙසේ පොලීසියට කොටුවී තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ දැව තොගයේ වටිනාකම මෙතෙක් ගණන් බලා නැතයි බදුල්ල පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd