IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලක්ෂ්මන් යාපා රන්මිණිතැන්න ටෙලිසිනමා ගම්මානයේ නිරීක්ෂණ චාරිකාව

(සනත් ගමගේ)

තිස්සමහාරම රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලිසිනමා ගම්මානය සිනමා කර්මාන්තයට යළි යොමු කරවීමට හැකිවන සේ සංවර්ධනය කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ටෙලි සිනමා ගම්මානයේ අද (09) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ටෙලිසිනමා ගම්මානයේ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසු අමාත්‍යවරයා ටෙලි සිනමා ගම්මානයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණයට ලක් කළේය.

පසුගිය වසර හතරක කාලය තුළදී ටෙලිසිනමා ගම්මානයේ කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදු වී නැති හෙයින් සිනමා පසුබිම් තල නිර්මාණ සියල්ලම ගරාවැටී තිබෙන අයුරු රාජ්‍ය ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

ඉන්දියාව සමඟ සිනමා කර්මාන්තය දියුණු කිරීම සඳහා රන්මිහිතැන්න ටෙලිසිනමා ගම්මානය ඉදිරියේ දී සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් දේශීය වශයෙන් සිනමා කර්මාන්තය නගා සිටුවීමට පියවර ගන්නා බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

අමාත්‍යංශ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බන්ඩාර, අතිරේක ලේකම් රමණි ගුණවර්ධන, අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් නිලන්ත ගුරුසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

 

 



අදහස් (2)

ලක්ෂ්මන් යාපා රන්මිණිතැන්න ටෙලිසිනමා ගම්මානයේ නිරීක්ෂණ චාරිකාව

sarojini Thursday, 09 January 2020 01:20 PM

පිස්සු ඩබල්. මේ ගම්මානය හොඳයි. ඕක ඉදි කරන්න ලණු දුන්න පිස්සෝ ටිකට ගාල් කරන්න.

:       0       1

ලුම්බිණි Friday, 10 January 2020 01:09 AM

මෙවැනි ටෙලි සිනමා ගම්මානයක් පිහිටවිය යුතුව තිබුනේ වියළි පරිසරයක නොව මීට වඩා අලංකාර පරිසරයක් ඇති පෙදෙසකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site