විදුලිබල  හා බලශක්ති අමාත්‍යාංශයේ  බලශක්ති  රාජ්‍ය අමාත්‍යවරයා  ලෙස පත්වූ  රෝහිත අබේගුණවර්ධන     මහතා  එම තනතුරේ වැඩ භාරගැනීම    දෙමටගොඩ  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ  බලශක්ති අමාත්‍යාංශ  ශ්‍රවණාගාරයේදී  අද (29) සිදුකෙරිණි .
 
මෙම  අවස්ථාවට  විදුලිබල හා  බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්  වසන්තා  පෙරේරා ,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  සභාපති  මහාචාර්ය  ජී.එල් .පීරිස්  ,රාජ්‍ය  අමාත්‍ය  රෝහිත අබේගුණවර්ධන මහතා ගේ  බිරිඳ වන ඈන්  අබේගුණවර්ධන  යන  මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ .
 
ඡායාරූප   චතුර එස් .කොඩිකාර