IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රුහුණු සරසවියේ ගැටුමකින් 16 ක් රෝහලේ

(ක්‍රිෂාන් ජීවක ජයරුක් )

 

රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් හා එහි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් අතර අද (9) දහවල් ඇති වූ ගැටුමක දී දෙපාර්ශ්වයේම තුවාල ලැබු බව කියන 16 දෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

රෝහල් ගත වී සිටින පිරිස අතර අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයකු හා ආරක්ෂක නිලධාරියකු ද සිසුන් 14 දෙනෙකු ද සිටින බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු ශිෂ්‍යනායකයින් කිහිප දෙනෙකුගේ ශිෂ්‍යභාවය එහි විනය පාලක මණ්ඩලයක් විසින් තාවකාලිකව අහෝසි කර තිබෙන අතර ඊට විරෝධය පල කරමින් සිසු සිසුවියන් පසුගිය මාස කිහිපයක සිට විවිධ ක්‍රියාමාර්ග වල නිරත විය.

එම දඩුවම ඉවත් කරන්නැයි ඉල්ලා මේ දිනවල ඔවුන් සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත වෙමින් සිටින අතර අද (9) උප කුලපතිවරයා සමඟ සාකච්ඡාවකට සහභාගී වී ආපසු එමින් සිටි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් සමඟ එම සිසුන් බහින් බස් වීමක් ඇති කර ගෙන තිබේ.

එහිදී දෙපාර්ශ්වය අතර ගුටි බැට හුවමාරුවක් සිදු වී තිබෙන බව පොලීසිය සදහන් කරයි.

 



අදහස් (0)

රුහුණු සරසවියේ ගැටුමකින් 16 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site