(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙනිවැල්කොළ ප්‍රදේශයේදී අනතුරකට ලක් වූ ලොරි රථයක් නැරඹමින් රිය ධාවනය කළ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙක්සිකානු තරුණියක ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
සංචාරක හෝටලයකට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක රියදුරකු බිත්තර ප්‍රවාහනය කරමින් තිබී අනතුරට ලක් වූ ලොරිය නැරඹීමට රියේ වේගය එක්වරම අඩුකර ධාවනය කිරීම නිසා එයට පිටපසින් පැමිණි මෙක්සිකානු තරුණිය රැගත් මෝටර් රථය එහි හැපී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
අනතුරින් මෝටර් රථ දෙකට බරපතල හානි සිදුව ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අනතුරට වගකිව යුතු මෝටර් රථයක රියදුරකු අත්අඩංගුවට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd