(පාලිත නානායක්කාර )
බණ්ඩාරවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (4) සවස හපුතලේ උඩ විහාරගල දී පාරෙන් ඉවතට පැන කණ්ඩියක හැපීමෙන් එහි ගම ගත් 6 දෙනෙකු තුවාල ලබා හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
කොළඹ සිට බණ්ඩාරවෙල පැමිණ ආපසු එමින් සිටි එකම පවුලේ පිරිසක් මෙසේ අනතුරට ලක් වී තිබේ
තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනකු ළමුන් දෙදෙනෙකු හා පිරිමි දෙදෙනෙකු සිටිති .වෑන් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීම නිසා මෙම අනතුර සිදු වී ඇති බව කළ මූලික පරීක්ෂණවලදී පොලීසියට අනාවරණය වී තිබේ . වෑන් රථය පාරෙන් ඉවතට පැන වම් පස ගලක හැපී නැවත දකුණු පස වේල්ලේ හැපී නතර වී තිබේ.හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd