අජිත්ලාල් ශාන්තඋදය
රත්නපුර කොළඹ ප‍්‍රධාන පාරේ රත්නපුර නව නගරයේ දී සිදුවූ රිය අනතුරකින් මුද්‍රිත මාධ්‍යවේදියකු වූ රුචිර අබේමාන්න මහතා (47) මිය ගිය බව පොලිසිය පවසයි.
ඔහු මාධ්‍ය ආයතන කිහිපයක රත්නපුර වාර්තාකරු ලෙස කටයුතු කරයි.
අබේමාන්න මහතා රත්නපුර නගරය දෙසට පැද යමින් සිටි යතුරුපැදියට ඉදිරියෙන් කොළඹ දෙසට යන්නට ආ පෙජරෝ වර්ගයේ ජීප් රථයක ගැටී යතුරු පැදියත්, පැදිකරුත් පැමිණි දෙසටම ඇදී ගොස් පසු පසින් ආ ලොරි රථයක ද වැදී නැවතී තිබූ බව පොලීසිය පවසයි.
අනතුර සිදුකළ පෙජරෝ වර්ගයේ ජීප් රථය තවත් වාහන කිහිපයකට ඉස්සර කරමින් මියගිය මාධ්‍යවේදියා ගමන් කරන මංතීරුව පැත්තෙන් වේගයෙන් යතුරුපැදිය දෙසට ඇවිත් එහි ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.
අනතුර සිදුකළ ජීප් රථයද රත්නපුර හිදැල්ලන ප‍්‍රදේශයේ පුද්ගලයකුට සන්තකයේ බව ද පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රුචිර මචන් .......දුක දරන්න අමාරුයි උබට නිවන්සුව