(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර මාලමුල්ල ඒජන්ත වංගුවේදී ලංගම බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පානදුර දකුණ පොලිසිය කියයි.
අධික වේගයෙන් යතුරු පැදිය එනු දුටු ලංගම බස්රථ රියදුරු බස්රථය මාර්ගයේ වම්පසට කර නතරකිරීමත් සමඟ යතුරුපැදිය එහි ගැටී අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනතුරින් යතුරු පැදිය කොටස් දෙකකට කැඩී ඇත.
තුවාල ලද තරුණයින් 17 සහ 18 වියේ පසුවන්නන් බවද පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදිය පැදවූ තරුණයා පමණක් ආරක්ෂක හිස් වැසුම් පැළඳ සිටි බව හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd