
(රංජිත් රාජපක්ෂ)
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වින්කොනර් ප්‍රදේශයේදී, ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් වූ අනතුරකින් යතුරුපැදිකරු නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් ඇති බව නානුඔය පොලිසිය අද(15) පැවසීය.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් වත්තේ පහළ කොටස් පදිංචි සෙල්වරාජ් නැමති 24 හැවිරිදි තරුණයෙකි.
අධික වේගයෙන් ධාවනය වී ඇති යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය වු වාහනයකට ඉස්සර කර යාමට උත්සහ කිරීමේදි, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ලංගම බස් රථයේ රියදුරා සැකපිට නානුඔය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd