IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරකින් මව-දියණිය මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 

නාත්තන්ඩිය කුලියාපිටිය මාර්ගයේ සිදුවු රිය අනතුරකින් දියණියක හා මවක මියගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ නාත්තන්ඩිය වැලිපැන්න ගහමුල්ල මීගහපැලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි, 54 හැවිරිදි චන්ද්‍රිකා සෙනරත් මැණිකේ හා 21 හැවිරිදි අධිකාරි ආරච්චිගේ  අහිංසා දුලාංජනී  යන අයය.
 
නාත්තන්ඩිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වු දියණිය රැගෙන ඒම සඳහා ගොස් ආපසු නිවස බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මව හා දියණිය මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇත. පිටුපසින් පැමිණි යතුරු පැදියක් ඔවුන්ගේ යතුරු පැදියේ ගැටී ඇති අතර, මාර්ගය මැදට විසිවී පසුපසින් පැමිනි ඩිමෝ බට්ටා ලොරියකට යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
 
බරපතල තුවාල ලැබූ ඔවුන් මාරවිල මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
 
අනතුරින් මරණයට පත්වු මව උඩුබද්දාව බිබිලාදෙණිය විද්‍යාලයේ සංගීත ගුරුවරිය බවද දියණිය නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක බවද අනාවරණය වී තිබේ.
 
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරා අත් අඩංගුවට ගෙන ඇත.



අදහස් (1)

රිය අනතුරකින් මව-දියණිය මරුට

Pradeep Sunday, 08 March 2020 04:01 AM

දැන් මෙතැනදී අත්අඩංගුවට ගන්න ඕන ලොරි රියදුරාද නැත්නම් පිටුපසින් පැමිණ හැප්පු යතුරුපැදිකරුද ? මහදැනමුත්තාගේ නඩු තීන්දු වගේනේ.

:       6       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 9 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site