(කේෂර ගුණතිලක)
බිබිල-මොනරාගල මාර්ගයේ කනුල්වෙල ප්‍රදේශයේදී අද (16) අලුයම පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක යතුරුපැදියක් ගැටීමෙන් වූ අනතුරින් යතුරු පැදිකරු වූ පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බිබිල පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ ඇමති ආරක්ෂක සේවයේ කොළඹ මූලස්ථානයේ සේවය කළ, බිබිල නන්නපුරාව දෙකේ කණුව අසල පදිංචි පොලිස් කොස්තාපල් 7638 බලපිටියලියනගේ ධනුෂ්ක කුමාර පියදාස (35) නැමති දෙදරු පියෙකි.
හෙතෙම කොළඹ සේවා ස්ථානයේ සිට නිවාඩු ලබා සිය යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදී බිබිල-මොනරාගල මාර්ගයේ කනුල්වෙල ප්‍රදේශයේදී කතරගම සිට යාපනය දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස්රථයක ඉදිරිපස ගැටී ඇත. අනතුරෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා බිබිල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිසිය කියයි.
බස්රථය සමඟ එහි රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd