(ක. ග කරුණාරත්න)
පොලොන්නරුව හබරණ ප‍්‍රධාන මාර්ගයේ බැදිවැව” ගල්වංගුව අසලදී අද (20) පෙරවරුවේ යතුර පැදියක් හා ලොරියක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු මරමුවට පත්ව ඇතැයි පොලොන්නරු පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව” ගිරිතලේ ප‍්‍රදේශයේ පදිංචි කේ’ජි’ඒ’නවරත්න නැමති 28 හැවරදි එක්දරු පියෙකි.
එම අනතුරින් යතුරුපැදියේ පිටුපස ගමන් ගත් 19 හැවරදි තරුණයකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇත.
ලොරියේ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොළොන්නරුව පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd