IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රොබෝ වැඩමුළුව අඟහරුවාදා

විදුලි සහ ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ආයතනය (IEEE) ශ්‍රී ලංකා ශාඛාව සහ රොබෝ විද්‍යා හා ඔටෝමේෂන් සංගමය එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන රොබෝ විද්‍යා වැඩමුළුව නොවැම්බර් මස 29 දා පස්වරු 5.30 ට කොළඹ වර්චුසා පොලාරිස් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙය ශ්‍රී ලංකා රොබෝ විශේෂඥ ප‍්‍රජාව එකට එක්වන සුවිශේෂී අවස්ථාවක් වන අතර නූතන රොබෝ තාක්‍ෂණ පිළිබඳ දේශන සහ විද්වත් සාකච්ඡා එදින ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලංකා අධ්‍යාපනික ක්ෂේත‍්‍රයට සහ කර්මාන්ත ක්ෂේත‍්‍රයට මෙය වඩාත් ඵලදායක වැඩමුළුවකි.

මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රුවන් ගෝපුර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලිලන්ත සමරනායක යන මහත්වරු එදින දේශන පවත්වති. මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණකමය ගණිත දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සාගර සුමතිපාල මහතා විසින් වැඩමුළුව මෙහෙයවනු ඇත.

වර්චුසා පොලාරිස් ගෝලීය තාක්‍ෂණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ  සහ උපායමාර්ග මුලපිරීම් ප‍්‍රධානී චමින්ද්‍ර ද සිල්වා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සංජීව මෛත‍්‍රිපාල, නිකිණි ඔටොමේෂන්හි අධ්‍යක්‍ෂ රුවන්ත ද සේරම් යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ විශාලතම ගෝලීය තොරතුරු තාක්‍ෂණික සේවා සමාගමක් වන වර්චුසා පොලාරිස් ආයතනය මෙම වැඩමුළුව සඳහා පූර්ණ අනුග‍්‍රාහකත්වය සපයයි.

 



අදහස් (0)

රොබෝ වැඩමුළුව අඟහරුවාදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site