
(එස්.ඩි.කොඩිකාර )
හක්මන දම්මුල්ලගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 22 ක් සමඟ සැකකරුවකු අද (08) අත්අඩංගුවට ගත්බව හක්මන පොලිසිය පැවසිය.
අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
හෙරොයින් මත්කුඩු අලෙවි කර උපයාගත් රුපියල් 8000 ක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.
හක්මණ පොලිසියට ලද තොරතුරකට අනුව දම්මුල්ගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් හක්මණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd