(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන්ගේ රන්මාල කොල්ලකා ඉඩම් හා වාහන මිලදී ගත් පුද්ගලයෙකු පිළියන්දල දී අද (24) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දිසාව දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
එම පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකක් පොලිසිය මගින් සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කොල්ලකන ලද රන් භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ පහකට අධික බව පොලිසිය කියයි.
ඉකුත් මාස 6 තුළදී බොරලැස්ගමුව, මිරිහාන, ගල්කිස්ස, දෙහිවල හා පිළියන්දල පොලිස් වසම්වල සිදු වූ රන් මාල කොල්ලකෑම් 50 කට අධික ප්‍රමාණයකට සම්බන්ධ කිසිඳු සැකකරුවෙකු පිළිබඳ තොරතුරක් හෙළි වී නොමැත.
බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ තිබෙන දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ලබාදුන් උපදෙස් මත පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රතිඵලයක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd