( ටී.කේ.ජී.කපිල )
ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙරට ගුවන් මගියෙකු අද (15) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂ දහ අට දහස් හත් සිය හැත්තෑ පහක් (1,58,18,775) වටිනා මෙම ස්වර්ණාභරණ රැගෙන ආ පුද්ගලයා 23 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
ඔහු අවුරුදු 02 යි මාස 08 ක කාළයක් ඩුබායි හි සේවය කර ඇති පුද්ගලයෙකි .ඔහු අද (15) දින අලුයම 4.50 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ කිලෝ ග්රෑම් 03 යි ග්රෑම් 13.04 ක් බර ස්වර්ණාභරණ තොගයක් සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.