(දයාරත්න ඇඹෝගම)
කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කඩා පැහැර ගත් හමුදා භටයකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය දමින්නේගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි දෙදරු පියෙකි.
ඔහු මුන්ඩිමුරුක්කු ප්‍රදේශයේ හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන හමුදා භටයෙකි.
සැකකරු අනුරාධපුර සහ මිහින්තලය යන ප්‍රදේශවලදී මහමඟ යන කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කඩාගෙන පලා ගිය අයෙකි.
අනුරාධපුර නගරයේ සවිකර ඇති සිසිටිවි කැමරා දර්ශන උපයෝගි කර ගෙන සැකකරු අත්අඩංගුවට ගැනිමට පොලිසිය සමත්වි තිබිණි.
සැකකාර හමුදා භටයා මුදල් ඔට්ටුවට බුරු ගැසීමට ඇබ්බැහි වුවෙකු බවද පොලිසිය පවසයි.
සැකකාර හමුදා භටයා අද (31) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
509
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රන්මාල කැඩු හමුදා භටයා අත්අඩංගුවට