(ප්‍රසාද් රුක්මල්)
රිදීමාලියද්ද කිරිමැටිවැව අසල ඇළක තිබී මළ සිරුරක් සොයාගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
මෙම මළසිරුර ඌරණිය ආදාඋල්පත පහළ බටුයාය ප්‍රදේශයේ පදිංචිව සිටි එම් .බී.සේනාරත්න නැමත්තාගේ බවට හඳුනාගෙන ඇත.
ඇදිරි නීතිය පනවා තිබියදී මොහු ඉකුත් 21දින උදෑසන නිවසින් පිටව ගොස් නැවත නොපැමිණි හෙයින් ඔහුගේ බිරිඳ සැමියා අතුරුදහන් බවට පොලිසියට පැමිණිලි කර තිබූ බවත් පොලිසිය පැවසීය.
ඒ අනුව පරික්ෂණ පවත්වා පසුව ලැබුණු තොරතුරක් මත කිරිමැටිවැවඅසල ඇළේ තිබී මොහුගේ මළසිරුර ඊයේ (22) රාත්‍රි සොයාගත් බව පොලිසිය සදහන් කළේය.
මොහු හිතවත් පිරිසක් සමඟ 21වන දින ඇදිරි නීතිය පනවා තිබියදී දහවල් මත්පැන් පානය කිරීමට කිරිමැටිවැව අසළට ගොස් ඇති බවත්,මත්පැන් පානය කිරීමෙන් පසුව එම පිරිස අතර ගැටුමක් ඇති වී තිබෙන බවට තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පවසයි .
මෙම පුද්ගලයාගේ මළසිරුර තිබූ ස්ථානයට තරමක් නුදුරින් වගාබිමක වන අලීන් සඳහා අනවසර විදුලි රැහැන් ඇද තිබූ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
42
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
339
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිදීමාලියද්දේ වැවක් අසළ මළ සිරුරක්