(අප්සරා යෝසිත් විජේසූරිය)
වෙසක් පෝය දිනට පසුදින රත්නපුර නගරය ඡායාරූප ගත කළ ත‍්‍රස්ත සංවිධානයක සාමාජිකයන් යැයි සැකකරන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණයන් තිදෙනා සම්බන්ධ නඩුව අද (3) කැඳවූ අවස්ථාවේදී වැඩිදුර විමර්ශන වාර්තාවක් හා නඩුවට අදාල සංදේශ මේ මස 17 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂිණී පෙරේරා මහත්මිය පොලිසියට නියෝග කළාය.
එසේම මෙදින බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළ මෙම නඩුවේ සැකකරුවන් තිදෙනාම 17 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත වුයේ මොහොමඩ් නශීර් මොහාමඩ් නෆ්රාත්, මොහොමඞ් පවුස් මොහොමඩ් අවුසාන්, යන මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනා සහ කේ. අනුෂ්ක දිල්හාර කළුපහන නැමැති සිංහල තරුණයෙකි.
මෙදින මෙම සැකකාර තරුණයන් තිදෙනා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ගාමීණී රත්නායක, ප‍්‍රියංකා ගුණවර්ණසූරිය, කිත්සිරි අරඹේවත්ත යන නීතීඥ මහත්ම මහත්මීන් කියාසිටියේ මෙම සැකකරුවන් ත‍්‍රස්තවාදය වැල්වීමේ පනත යටතේ පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති නමුත් මේ දක්වාම පොලිසිය කළ විමර්ශනවලින් මෙම සැකකරුවන් එවැනි ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට හෝ ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධයයි අනාවරණයවූ හෝ තහවුරු වන කිසිඳු කරුණක් ඉදිරිපත් කර නොමැති බවයි.
2025 නොවැම්බර් මස 04
445
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2204
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රත්නපුර ඡායාරූප ගත කළ තිදෙනා යළි රිමාන්ඩ්