(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහිත තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ නායයෑමේ අවදානමක් මතුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම දිස්ත‍්‍රික්කයේ රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල සහ ඇලපාත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි මෙම අවදානම පවතින බව එම සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුරයට මෙහෙම වෙන්න හේතුව බැකෝ පතල් කැපීමත් අවිධිමත් ආකාරයට තේ වැවිමත් කියල පේනවා. බැකෝ පතල් නිසා කඳු මුදුන්වල තිබුනු ජල පහරවල් නැතිවුනා. එම ස්ථානවලට වැසි අවස්ථාවල වතුර කාන්දුවීම එක් හේතුවක්. අනෙක අතීතයේ තේ වගාකරන විට ජලය බැස යාමට නෙත්ති කාණුත් ඒවාට සම්බන්ද කාණු හා පාරවල් සකස්කලා. දැන් එසේ කලහොත් ඉඩමේ කොටසක් වගා කරන්න නොලැබෙනවා කියා එසේ කරන්නේ නැහැ. වතුර පොලොවට කාන්දු වෙනවා. මෙම තත්වය නාය යාමට හේතුවක් වෙනවා මෙවැනි දේ නතර නොකලොත් හැමදාම අවදානම් කිය කියා සිටින්නම වෙනවා