(මහේෂ් කිර්තිරත්න)
රත්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකුට පහරදුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර ඇති බව රත්තොට පොලිසිය කියයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා ප්‍රාදේශිය සභාව ඉදිරිපිටදි පහර කෑමට ලක්ව ඇති අතර මන්ත්‍රීවරයා විසින් සිද්ධීය පිළිබදව පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.
සිද්ධියට අදාළ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට පොලිස් ස්ථානාධිපති පො.ප හර්බට් සිල්වා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd