( එම් .සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ව්‍යසනයෙන් අවතැන්ව සිටි රත්ගම ජනතාවට, රත්ගම ප්‍රාදේශීය සභාව විසින් බෙදාදීමට මිලදීගත් සහල්වල මුදල් අනුමත කරවා ගැනීමේ යෝජනාව සභාපති ටි .නිමල් මහතා අද (21 ) පැවති රත්ගම මාසික සභා රැස්වීමේදී ඉදිරිපත් කළ අවස්ථාවේදී එම අවස්ථාව ඉතා උණුසුම් විය.
මාසික සභා රැවීම සභාපති ටි .නිමල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21 ) රත්ගම මොන්රියාවත්ත ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණ .
මේ මුදල් අනුමත කිරීමට සභාපති ටි .නිමල් මහතා ඉදිරිපත් කල අවස්ථාවේදී ඊට දැඩි විරෝධයක් රත්ගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂයෙන් පැන නැගීමත් සමගම මාසික සභා රැස්වීම දැඩිසේ උණුසුම්වීමට පටන් ගත්තේය .
එහිදී උණුසුම් ලෙස අදහස් ඉදිරිපත් කල එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රි දුලාජ් තරංග මහතා කතාකරමින් කියා සිටියේ මිලදීගත් සහල්වල මිල වැඩි බවත් ඒවා ගෙන ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලයට හොරෙන් බවත් එසේ මිලදීගත් සහල් සභාපතිතුමා නියෝජනය කරන පක්ෂයේ අයට පමණක් බෙදාදී ඇති බවත්‍ය.
එහිදී සභා රැස්වීම වඩාත් උණුසුම්වීමට හේතුවුයේ සභාපතිවරයා නියෝජනය කල පක්ෂයේම ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඉදුනිල් කෝරලගේ මහතා කල ප්‍රකාශයත් සමගමය . මම ටෙන්ඩර් මණඩලයේ සිටියත් මේ සහල් ගෙන ඇත්තේ මටවත් නොදන්වා යයි ඔහු කීවිට ඊට ඔහුට අලගුතබමින් ටෙන්ඩර මන්ඩලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුද සභාව දෙවනත් කරමින් කියා සිටියේ තමන්ලාද සභාවේ ටෙන්ඩර් මණඩලයේ සිටියත් සහල් මිලදී ගැනීමට තමන් දැනුම්වත් නොකල බවත්ය.
ඒ සමගම මෙවැනි ටෙන්ඩර් මන්ඩලයක සිටීමෙන් වැඩක් නැතයි කියමින් එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රිනී කුසුමා අබේසේකර මහත්මිය එම ටෙන්ඩර් මණඩලයෙන් ඉල්ලා අස්වූවාය .
සහල් බෙදීම පිලිබදව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි උණුසුම් කතා බහ මධ්‍යයේ සභාපති ටි .නිමල් මෙන්ඩිස් මහතා නියෝජන කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂයේම ප්‍රාදේශීය සභා මන්ත්‍රි යුරේෂ් ධම්මික මහතා කතා කරමින් කියා සිටියේ මේ සහල් බෙදීමෙන් අපි බිංදුවටම වැටුණු බවත් විපක්ෂයේ අයට සහල් බෙදාදී නැති බව පෙනෙන බවත් විරුද්ධ පක්සයේ අයට අපිට ගැසීමට ආයුධදී ඇත්තේ අපේම අය බවත් කීවේය .

2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්ගම ප්‍රා සභාව උණුසුම් වෙයි