(ඩී.ජී.සුගතපාල)
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා තවදුරටත් 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (10) නියෝග කළාය.
මෙම සැකරුවන් 17 දෙනාගෙන් 15 දෙනෙකු දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් වන අතර දෙදෙනකු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වෙති.
මෙහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියාසිටියේ කොමර්ෂල් බැංකුවේ ගාල්ල මහා විදියේ සහ කොටුවේ ශාඛා කළමනාකරුවන් දෙදෙනාට ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා සිටියත් ඔවුන් නොපැමිණි බවයි.
එනිසා ඔවුන් කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට බැංකුවේ ප්‍රධාන කාර්යාලයට නියෝගයක් නිකුත් කරන ලෙස කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.
අතිරේක මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීමට ඉඩ දෙමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන කාර්යාලයට නියෝගයක් නිකුත් කළාය.
මේ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා කරුණු දක්වමින් මියගිය දෙදෙනා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරිමට ඔවුන් මරා පුළුස්සා දමන ලද ස්ථානයේ පස් ටිකක් ගැනීමට ඔවුන්ගේ බිරින්දෑවරුන් ඉල්ලා සිටින බැවින් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ එයට විරෝධයක් නොමැති අතර එම ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු එකක් බවයි.
එහිදි අතිරේක මහේස්ත්‍රාත්වරිය කියාසිටියේ අධිකරණයට ඒ සම්බන්ධව කටයුතු කිරීමට නොහැකි අතර එයට අදාළ පාර්ශව දැනුම්වත් කරන බවයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්ගම ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්