IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රටට වැසි-ජනතාවට සෙත් පතා සොකරි නාඩගමක් දඹුල්ලේ

 (කාංචන කුමාර ආරියදාස)
ප්‍රදේශයේ ජනතාවට සෙත්පතා සහ රටට වැසි පතා පරම්පරික සොකරි නාඩගම රඟ දැක්වීමක් අද 18 දින පහන්වනතුරු  දඹුල්ල පහලවැව වැව් තාවුල්ලේ දී පැවැත්විණි.

ඊයේ රාත්‍රියේදී  ඇරැඹි මෙම සොකරි නාඩගම අද පහන්වනතුරු  පැවැත්විණි.

දඹුල්ල  පහළවැව සොකරි කණ්ඩායමේ  නායක  කේ. ජී .ධර්මදාස ගුරුන්නාන්සේ  මෙම සොකරි නාඩගම සඳහා නායකත්වය ලබා දී පවත්වන්නට යෙදුණේය. මෙම සොකරි නාඩගම පහළවැව ගම්මානයේ තරුණයන් පිරිසක් විසින් සංවිධානය කර තිබිණි .
 
අතීතයේ සිටම දුර්භික්ෂ මැඩලීම වැසි සම්පත් ලබා ගැනීම භවභෝග සාරවත් කිරීම දරු සම්පත් ලබා ගැනීම, පැපොල, සරම්ප ආදී රෝග  රැසක් සුව කර ගැනීම  මුල්කරගෙන සත් පත්තිනි දෙවියන් උදෙසා මෙම සොකරි නාඩගම පවත්වනු ලබයි.
 
බංගලි දේශයේ සිට මෙරටට රජවරුන් හරහා පැමිණෙන කතා වස්තුවක් මෙහි අන්තර්ගතය ලෙස හැදින්වේ.
 
සත් පත්තිනි දෙවියන්ගේ දේව බලයකින් මෙහි   අවස්ථා දැඩිහාස්කම් ඇතිව පැවැත්වීම විශේෂත්වයකි. එම හාස්කම් අතරින් කලස් නැටීම, අඹ නැටීම, වී කෙටීම, නයි නැටවීම, ආදී අවස්ථා රැසක් මෙම සොකරි නාටකයේ පවතී.
 
අලුයම දෙකට සොකරි නඩගමේ එන ගුරුන්නාන්සෙගෙ පපුව මත වංගෙඩියක් තබා එම වංගෙඩියට වී  දමා නාඩගමේ එන සොකරිය සහ කාලිය  මෝල් ගස් දෙකකින් වී සහල් වනතුරු කෙටීම සිදුකෙරේ.
 
එම අවස්ථාවේදී  සොකරිය සහ කාලිය  දේවාරූඪයෙන් වී  කොටන අතර  වී සහල් වූ විට නැවතත්  එම ගුරුන්නාන්සේ ප්‍රකෘති තත්ත්වයට පත් වේ.
 
පසුව අලුයම් කාලයේ එසේ කොටාගන්නා වී වලින් සත් පත්තිනි දෙවියන් උදෙසා දානය ලබා දී රටට ගමට ජනතාවට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ භවභෝග සම්පත් වර්ධනය වීම උදෙසා හිරු දෙවියන් නැමදීම සිදු කරති.

 



අදහස් (0)

රටට වැසි-ජනතාවට සෙත් පතා සොකරි නාඩගමක් දඹුල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site