(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රජය මගින් වී මිළදි ගැනිම පුත්තලම දිස්ත්‍රික්කයේ අද (7) ආරම්භ කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසීය.
දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියේ 2019 මහ කන්නයේ අස්වැන්න මේ දිනවල නෙළමින් පවතින බවත් මෙවර රජය මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවින්ගේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 7500 ක් මිළදී ගැනීමට සුදානම් බවද පවසයි.
ඒ අනුව තබ්බෝව හා ආණමඩුව වී ගබඩාවල අද ගොවින්ගේ වි මිලදි ගැනීම ආරම්භ කළ බවත් ඒ සදහා රජය මගින් මුලික අදියරේ දී මිලියන 20 ක් ( ලක්ෂ 200 ) ලබා දී ඇති බවද පැවසීය.
මෙවර පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර 47,000 වී වගාකර ඇති බවද මෙම වගාවෙන් සමස්ත අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 88,000 ක් ලැබෙනු ඇති බවට ගොවිජන සංවර්ධන නිළධාරීන්ගේ සංඛ්‍යා ලේඛන අනුව වාර්තා වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
ගොවින් පවසා සිටියේ රජයේ සහතික මිල වන නාඩු රුපියල් 50 බැගින් මිලදී ගැනීම පිළිබඳව සතුටු වන බවත් එය ගොවින්ට හිරිහැරයක් නොවන ලෙසට දිගටම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිති.



2025 දෙසැම්බර් මස 04
678
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජය පුත්තලමෙන් වී මිලට ගැනීම අරඹයි