IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රාජකාරියට බාධා කළ අයෙක් අත් අඩංගුවට

(එම් .සුසිල් ප්‍රියන්ත )

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ රාජකාරියේ යෙදී සිටි කරන්දෙණිය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ නිලධාරින් පිරිසකට රාජකාරියට බාධා කල අයෙකු අද (22 ) දහවල් කරන්දෙණිය දංගහවිලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි .

නිලධාරීන්ට රාජකාරියට බාධා කිරීමට සැකකරු පැමිනි ත්‍රීරෝද රථයද මේ සමගම අත් අඩංගුවටගත් බවද පොලීසිය කියයි .

කොරෝනා රාජකාරී කටයුත්තක් සදහා කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් පිරිසක් සිය ආයතනයට අයත් කැබ් රථයෙන් ගමන් ගනිමින් සිටියදි එම රථයට යාමට නොහැකිවන අයුරින් තමා පැමිනි ත්‍රිරෝද රථය හරස් කර නිලධාරීන්ට බැන තර්ජනය කරමින් ඔවුන් ගමන්ගත් කැබ් රථයට පහරදී අලාභ හානි සිදුකර ඇති බවත් පොලීසිය කියයි.

කරන්දෙනිය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් පැමිනි කැබ් රථයට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ මේ පුද්ගලයා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන බීමතින් සිටිනවාදැයි පරීක්ෂා කිරීමට රෝහල් ගත කල බවත් එහිදී ලැබුනු වෛද්‍ය වාර්ථාවේ ඔහු මීමත්ව ඇති බව සදහන්ව තිබෙන බවත් පොලීසිය කියයි .

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, රාජ්‍ය දේපලට අලාභ හානි සිදුකිරීම , ප්‍රසිද්ධ ස්ථානයක බීමත්ව හැසිරීම , සාපරාධි බලහත්කාරම් කිරීම යන චෝදනා චෝදනා ගොනු කර අද (22 ) සැකකරු බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය .



අදහස් (0)

රාජකාරියට බාධා කළ අයෙක් අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site