මුහුදේදී රෝගාතුර වූ මැලේසියානු නාවික හමුදා නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට අද (30) ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් කටයුතු කළේය.
මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට සිදු කරන ලද දැනුම්දීමකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මැලේසියානු නාවික හමුදාවට අයත් කස්තුරි නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
මෙම තොරතුර දැනගත් විගස ඒ සඳහා බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කළ අතර , කොළඹ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව කොළඹ වරාය පරිශ්‍රයට රැගෙන ඒමට කටයුතු කර තිබිණි.
ඉන් අනතුරුව ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කළ බව නාවික හමුදාව පවසයි.
(36698)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd