IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


රැකියා දෙන බව පවසා මුදල් ගැරූ ව්‍යාජ නීති නිලධාරියා රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල දිස්ත්‍රික්  සමෘද්ධි අධ්‍යක්ෂ කාර්යාලයේ නීති නිලධාරියකු ලෙස පෙනී සිටිමින්  රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ ගණනක් වංචා කරනලද පුද්ගලයෙකු ලබන 7වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (30) නියෝග කළේය.
 
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ බිංදු කුමාර රංගොඩගේ නමැති 51හැවිරිදි පුද්ගලයෙකි.
 
සැකකරුගේ මෝටර් රථයද නඩු භාණ්ඩයක් ලෙස අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම සැකකරු දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සම්බන්ධිකරණ නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියදි 2014.ජනවාරි 03වනදින සිට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහනය කර ඇති අයෙකි.
 
පසුව ඔහු ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි  අධ්‍යක්ෂ කාර්යාලයේ සේවයට වාර්තා කර ඇති අතර එසේ සිටියදි විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇති බවටත් මොහු දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ අනුමත කාර්ය මණ්ඩලයට අයත් නොවන බවටත් කාර්යාලයේ රැඳී නොසිටින බවටත් ගාල්ල දිස්ත්‍රික්  ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා 2020 ජනවාරි 8වනදින දාතමින් කාන්තා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයටද දන්වා යවා ඇත.
 
මොහු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අපකීර්තියක් බවත් අනෙකුත් නිලධාරින්ගේ රාජකාරියට බාධාවක් බවත් එනිසා මොහු වහාම ක්‍රියාත්මක වන පරිදි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත කරන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා අමාත්‍යංශය වෙත යවන ලද ලිපියේ වැඩි දුරටත් සඳහන්වේ.එහෙත් ඔහු දිගින් දිගටම ගාල්ල සමෘද්ධි අධ්‍යක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින්  රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගේ රුපියල් ලක්ෂයේ සිට හය ලක්ෂය දක්වා මුදල් ලබාගෙන ඇත.

පසුව මේ සම්බන්ධයෙන් ලැබුන පැමිණිලි අනුව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක රොහාන් ආලෝක සැරවන් බුද්ධික(3683) නුවන්(86279)යන මහත්වරුන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂක ගමගේ මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදි.



අදහස් (0)

රැකියා දෙන බව පවසා මුදල් ගැරූ ව්‍යාජ නීති නිලධාරියා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 294 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 324 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1254 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site