(දයාරත්න ඇඹෝගම)
රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් උතුරු මැද රැකියා විරහිත උපාධිධාරිහූ පිරිසක් අනුරාධපුර නගරයේ දී අද (23) මාරාන්තින උපවාසයක් ආරම්භ කළහ.
පසුගිය දින කිහිපයේම තමන් රැකියා ඉල්ලා අනුරාධපුර නගරයේ උද්ඝෝෂණ කළ බවත් තමන්ගේ ගැටලුව සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතාද හමු වී සාකච්ජා කළද නිසි පිළිතුරක් නොලැබුන බවත් උපවාසයේ නිරත උපාධිධාරිහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධියක් තිබිලත් රස්සාවක් කරන්න බැරි ගෙබිලයන්ගෙන් රටට වැඩක් තියෙනවද ? මුලින්ම පිනට උපාධිය, ඊළඟට පිනට රස්සාවක්, තව ... මොනවාද පිනට ඕන ? ලැජ්ජයි මෙහෙම උදත්තු ගැන.............
මෙයාලා ආණ්ඩුවෙන්ම රැකියා ඉල්ලන්නේ මොකටද?
මේකේ වැරැද්ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ. ඔවුන් විෂය නිර්දේශ වෙනස් කරන්නේ නැත, රටේ අවශ්‍යතාව අනුව. ඔවුන් ඉන්නේ මහා ලොකුකමෙන්. ඔහේ උගන්නන්වාලේ උගන්නල සහතිකයක් දීල එලියට දානවා. මේ දරුවන්ට දැනුමක් නෑ පුද්ගලික අංශයේ ජොබ් එකක් කරන්න.
මටත් තියෙන ප්‍රශ්නේ ඇයි මෙයාල ආණ්ඩුවේම රැකියා ඉල්ලන්නේ? අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය ඊට පස්සේ අවම අවුරුදු 3ක උපාධියකට ආණ්ඩුවෙන්ම වියදම් කරලා තියෙනකොට තවත් ආණ්ඩුවෙන්ම ඉල්ලන්නේ ඇයි? මෙයාලගේ ප්‍රධානම තර්කය පුද්ගලික අංශයේ රැකියාවලට මෙයාල ගන්නේ නැ, ගෙවන පඩිය මදි කියන දෙක. මේ රට කවදාවත් දියුණු කරන්න බැරි මේ වගේ නිකන් කාල ඔක්කොම කරගන්න බලන ඉන්න අය නිසා තම.
පුද්ගලික අංශයේ හිතු මනාපෙට අයිස් ගහන්න, නිවාඩු ගන්න, වේලාසනින් යන්න පරක්කු වෙලා වැඩට එන්න බැහැනේ. ඔක්කොම පිනට දෙනකොට මේ රටේ රස්සාවට විතරක් නෙවෙයි පරස්තාවටත් වියදම් කරන්න ඕන රටේ මිනිස්සු. මේගොල්ලන්ට සරසවියේදී ලේසියෙන්ම සහකරු සහකාරියෝ සොයා ගන්න පුළුවන්. හැබැයි එතනින් එලියට ඇවිත් රස්සාවක් සොයාගන්න බැරි අය.