IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යාපනය සරසවියේ විරෝධතාවක්

(සිතුම් චතුරංග)

රිමාන්ඩ් බන්ධනාගාර ගතකර  සිටින යාපනය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයා නිදහස් කරන ලෙසත් එම සිසුන් වෙත අධිකරණයෙන් ඇප නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාලයයේ අද (12)  බැනර් හා පෝස්ටර ප‍්‍රදර්ශනය කරනු ලැබීය.

අධ්‍යාපනය ලබන සිසුන් සිරගතකර ඇති බවත්,  අධිකරණයෙන් රිමාණ්ඞ් බන්ධනාගාර ගතකර සිටින සිසුන් වෙත නිදහස ලබාදෙන ලෙසටද සදහන් කරමින් යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළුවන ස්ථානයේ බැනර් ප‍්‍රදර්ශනය කර  තිබිණ.

යාපනය විශ්ව විද්‍යාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මහ ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ තිබී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුවසහිත පෝස්ටර කිහිපයක් සමග මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් පසුගිය (03)  වැනිදා  කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

යාපනය විශ්වවිද්‍යාල මහ ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.දිවාකරන්  (24)  හා ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. බදිල්රාජ් (23) යන සිසුන් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිති.



අදහස් (0)

යාපනය සරසවියේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site