(රොමේෂ් මධුෂංඛ)
යාපනය, නෙල්ලිඅඩි, කොඩිකාමම් ප්‍රදේශයේ පිහිටි මාර්ගයක් අසළ කුඩා වන ලැහැබක කේරල ගංජා කිලෝ 200 ක් දමා ගොස් තිබියදී සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.
කොඩිකාමම් කප්පුවේලි මාර්ගයේ ආසන්නයේ වන ලැහැබක ගොනිවල කිසියම් ද්‍රව්‍යක් ඇති බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය සොයාගෙන ඇත.
කේරල ගංජ තොගය එහි දැමූ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වටිනාකමක් ඇති මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් යාපනයෙන් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට සුදානම් කර තිබෙන්නට ඇති බවට සැක පළ කරන්නේ යැයි යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුරටත් පවසයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.